බලන්නම හදපු බලන කොටුව
මහනුවර රාජධානියට අයත් වෙලා තිබුන කොළඹ පැරණි මාර්ගයේ අලගල්ල කඳුවැටිය අසල පිහිටි උපායමාර්ගික මුරපොලක් වගේම බලකොටුවක් විදිහටත් බලන කොටුව ක්‍රියාත්මක වුණා.. සිංහලෙන් " බලන්න" කියන වචනයේ අර්ථයට උචිත ක්රියිවක් කරන්න ගොඩනගපු නිසා මේකට බලන කපොල්ල කියලා කිව්වා කියලා යම් තැනක සඳහන් වෙනවා...
මහනුවර රාජධානියට එල්ල කරන ප්‍රහාරයකට පැමිණීමට ආක්රමණික හමුදාවකට තිබු හොඳම සහ එකම මාර්ගය වැටී තිබුණේ මේ අලගල්ල කඳුවැටියෙනුයි... ඒ නිසාම මේ බලන කපොල්ල කේන්ද්‍රකරගෙන විශාල සටන් ප්‍රමාණයක් ඇවිලී තිබෙනවා...
1593 දී සීතාවක හමුදාවත්, 1603 දී පෘතුගීසින්වත් බලන කපොල්ලේදී පරාජය කිරීමට උඩරැටියන්ට හැකිවුණා.. මීට අමතරව 1803 දී මැක්ඩෝවල්ගේ ප්‍රධානත්වයෙන් උඩරට ආක්‍රමණය කළ ඉංග්රීස්ව නැවත හරවා යැවීමත් බලන කපොල්ල හරහා සිදු විය.
1590 ආශ්රිත සමයක පළමුවන විමලධර්මසූරිය රජු විසින් බලන දුර්ගයේ බලකොටුවක් ඉදිකළ බවට සාක්ෂි පවතී... නමුත් සෙනරත් රජුගේ පාලන සමයේ වසරක පමණ ( 1615 - 1616 ) කාලයක් බලන කොටුව පෘතුගීසීන් අත්පත් කරගෙන පැවති බවට වාර්ථා පවතී... බලන කොටුව උඩරැටියන් භාවිත කිරීමේදී සතුරාට පළමුව ඇතුල් වීමට ඉඩ ලබා දී පසුව ඔවුන්ට පසුබැසීමට ඉඩ අවුරා ඔවුන් සමූල ඝාතනය වන ලෙස පහරදුන් බව වාර්ථා වේ... ඔවුන් ඒ සඳහාම ඔබින ලෙස බලකොටුව සැලසුම් කර ඇති බව වර්තමාන පර්යේෂණ හරහාද හෙලි වේ..
කෙසේ වෙතත් 17, 18 සියවස් වලදී බලන කොටුව ආශ්‍රිතව ප්‍රධාන සටනක් ඇවිලුනේ නැත... 1803 හා 1815 ඉංග්‍රීසි ආක්රමණයන්ගේදීද බලන කපොල්ලෙහි විශාල උපයෝගීතාවයක් තිබුනේ නැත... ඉංග්‍රීසීන් උඩරට යටත් කරගත් පසු බලනට සැතපුමක් පමණ නැගනෙහිරින් අමුණුපාරයේ නව මුර කපොල්ලක් ඉදි කීරීමත්, කඩුගන්නාව හරහා නව කොළඹ නුවර මාර්ගය ඉදිවීමක් නිසා බලන කොටුව කෙමෙන් අභාවයට පත්වන ලදී...
වර්තමානයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොටු පවුරේ ඉතිරි වී ඇති නෂ්ටාවශේෂ සංරක්ෂණය කර ඇති අතර... අතීත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞඩත්වය ලොවට කියමින් නැගී සිටින බලන කපොල්ලේ කොටු පවුරු ආදිය එහි ගියහොත් ඔබටද දැකගත හැක...
Comments
Post a Comment
This is an attempt to recover history King Rawana History Sri Lanka