Skip to main content

මොනවද මේ මිල අධික කුංකුම



                        මොනවද මේ මිල අධික කුංකුම




මැණික්, දියමන්ති සහ රත්‍රන් වැනි දේට ඉතා ඉහළ වටිනාකමක් ලැබී ඇත්තේ ඒවායේ ඇති දුර්ලභ බව නිසා ය. ඒවා ලබා ගත හැකි ප්‍රදේශ ගණන ඉතා සීමිත වීම මෙන් ම ලබා ගැනීමට විශාල වියදමක් සහ පරිශ්‍රමයක් දැරීමට සිදු වීම වැනි හේතු නිසා සාමාන්‍ය ආදායමක් උපයන පුද්ගලයකුට දරාගත නොහැකි තරම් මිලක් මැණික් සහ දියමන්ති වැනි දේට ලැබී තිබේ.


ලොව ඇති වටිනාකමින් ඉතා ඉහළ දේ අතර එවැනි පාෂාණමය දේ පමණක් නොව ශාකසාර දේ  ද තිබෙන බව ඔබ දැනටමත් දන්නවා විය හැක. මෙම ලිපිය ඉල්ලුමට සාපේක්ෂ ව සැපයුම ඉතා අවම මට්ටමක පවතින බැවින් ලොව මිල අධික නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගන්නා කුළුබඩු විශේෂයක් වන ‘කුංකුම’ පිළිබඳ  යි.


ලොව තිබෙන මිල අධික ම කුළුබඩු විශේෂය ලෙස කුංකුම සැලැකේ. කුංකුම සකස් කරගන්නේ ‘සැෆ්‍රෝන් ක්‍රෝකස්’ නම් පැළෑටියේ හටගන්නා මල්වල රේණුවලිනි. එම මලක රේණු තුනක් පමණක් හටගන්නා බැවින් කුංකුම කිලෝග්‍රෑම් එකක් වැනි ප්‍රමාණයක් සකස් කරගැනීම සඳහා මල් ලක්ෂ ගණනක් අවශ්‍ය වේ. ඊට අමතර ව කුංකුම නිෂ්පාදනය සඳහා විශාල මිනිස් ශ්‍රමයක් යොදාගැනීමට සිදු වීම එහි මිල ඉහළ යාමට බලපා ඇති තවත් ප්‍රධාන හේතුවකි.






නිජබිම පිලිබඳ විවිධ මත


කුංකුම නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පැළෑටියේ නිජබිම පිළිබඳ විවිධ මත ඉදිරිපත් වී තිබේ. ඒ අතරින් බොහෝ දෙනෙක් පිළිගත් මතය වන්නේ එහි නිජබිම වර්තමාන ඉරානය යන්න යි. වර්තමානය වන විටත් ලොව වැඩියෙන් ම කුංකුම නිෂ්පාදනය කරන රටවල් අතර ඉරානය ඉදිරියෙන් ම සිටීම මෙම මතය නිර්මාණය වීමට හේතු වී තිබේ. මේ වන විට ලෝක කුංකුම නිෂ්පාදනයෙන් 90-93% ප්‍රමාණයක් සපයන රට වන්නේ ඉරානය යි. ඊට අමතර ව කුංකුම පැළෑටියේ නිජබිම ග්‍රීසිය සහ මෙසපොටේමියාව විය හැකි බවට ද මත ඉදිරිපත් වී තිබේ.


වගා කිරීම


වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල කුංකුම වගා කිරීම වඩාත් පහසු ය. ඒවා ශීත කාලයටත් ඔරොත්තු දෙන අතර හිම පතනයට වුවත් දින කිහිපයක් දක්වා ඔරොත්තු දීමේ හැකියාවක් මෙම පැළෑටිවලට තිබේ. සෙවණ සහිත ප්‍රදේශවල කුංකුම පැළෑටි හොඳින් නොවැඩෙන අතර ඒවාට ඉතා හොඳින් සූර්යයාලෝකය අවශ්‍ය වේ.


කුංකුම වගා කරන බොහෝ රටවල වගා කටයුතු ආරම්භ කරන්නේ ජූනි මාසයේ දී ය. ඒ සඳහා සෙන්ටිමීටර් 7-15 අතර දිගින් යුතු අල භාවිත කෙරේ. ජූනි මාසයේ දී අල රෝපණය කළ පසු ඒවායේ මුල් ඇද පැළෑටිය වර්ධනය වීම ආරම්භ වන්නේ ඔක්තෝබර් සහ ඊළඟ වසරේ පෙබරවාරි අතර කාලයේ දී ය.


වර්තමානය වන විට කුංකුම වගා කරන ප්‍රධාන පෙළ රටවල් ලෙස ඉරානය, ස්පාඥ්ඥය, ඉන්දියාව, ග්‍රීසිය, ඇෆ්ගනිස්ථානය, ඉතාලිය සහ මොරොක්කෝව හැඳින්විය හැකි ය.





වගාකරුවන් මුහුණපාන ගැටලු


කුංකුම වගාව සඳහා මිලිමීටර් 1,000-1,500 අතර වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍ය වේ. වර්ෂාපතනය නිසි පරිදි නොලැබෙන ප්‍රදේශයක නම් වගාවන්ට යෙදීමට ජලය ලබාගත හැකි මූලාශ්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත් පැළෑටිවල මල් හටගන්නා කාලයේ දී වැස්ස සහ ශීත කාලගුණය නිසා මල් අස්වැන්න අඩු වන අතර හටගන්නා මල්වලට විවිධ රෝග ද වැලඳේ. කුංකුම වගා කිරීමේ දී මුහුණපෑමට සිදුවන තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ සතුන්ගෙන් සිදු වන හානිය ය. හාවුන්, මීයන් සහ විවිධ පක්ෂින්ගෙන් එම වගාවන්ට හානි සිදු වේ.


අස්වනු නෙළීම






කුංකුම මිල අධික ද්‍රව්‍යයක් වීම සඳහා බලපා ඇති ප්‍රධානත ම හේතුව අස්වනු නෙළීම සඳහා වැය වන විශාල ශ්‍රමය යි. සාමාන්‍යයෙන් කුංකුම කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීමට කුංකුම පැළෑටියේ හටගන්නා මල් රේණු 440,000ක් පමණ අවශ්‍ය වේ. එක මලක හටගන්නේ රේණු තුනක් පමණක් බැවින් කිලෝග්‍රෑම් එකක් සඳහා මල් 150,000ක අස්වැන්න අවශ්‍ය වේ. එම රේණු ප්‍රමාණය නෙළා ගැනීමට වැය වන පැය ගණන ආසන්න වශයෙන් 40කි. එක මලකින් නෙළා ගන්නා කුංකුම ග්‍රෑම් 30කට ආසන්න බරින් යුතු අතර එම ප්‍රමාණය වියළා ගත් පසු ග්‍රෑම් හතකට ආසන්න වේ.


කුංකුම වර්ග


උද්භිද විද්‍යාත්මක අතින් සහ නිෂ්පාදන ක්‍රියාවලිය හරහා එකිනෙකට වෙනස් ලක්ෂණවලින් යුතු කුංකුම නිෂ්පාදනය කරන අයුරු වර්තමානයේ දී දැකිය හැකි ය. වර්ණයෙන්, රසයෙන් සහ සුවඳින් එකිනෙකට වෙනස් කුංකුම විශේෂ මේ වන විට වෙළෙඳපොළ  තුළ තිබේ. ඒ අනුව සාමාන්‍ය මෙරූන් පැහැති කුංකුමවලට අමතරව ළා රතු සහ කහ පැහැති කුංකුම ද වර්තමානයේ දැකිය හැකි ය. බොහෝ රටවල කුංකුම සඳහා වන ප්‍රමිතීන් සකස් කිරීම සහ අදාළ ශ්‍රේණිගත කිරීම් සිදු කරන්නේ රජය යි.  ඒ අතරින් ප්‍රමිතියෙන් උසස් කුංකුමවල මිල ද ඉතා අධික වේ.


නිෂ්පාදනය


මේ වන විට සිදු කර ඇති සමීක්ෂණවලට අනුව ගෝලීය වශයෙන් වසරකට නිෂ්පාදනය කරන කුංකුම ප්‍රමාණය ටොන් 250ක් පමණ වේ. ඉන් 90-93% අතර ප්‍රමාණයක් ඉරානයේ නිෂ්පාදනය කෙරේ. පසුගිය දශක කිහිපය තුළ ග්‍රීසියේ සහ ඇෆ්ගනිස්ථානයේ කුංකුම නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මොරොක්කෝව සහ ඉන්දියාව සුළු වශයෙන් කුංකුම වගා කරන රටවල් අතර වේ.


ඉතාලියේ දකුණු දිග ප්‍රදේශය ද කුංකුම නිෂ්පාදනයට සැලකිය යුතු දායකත්වයක් දක්වයි. ඕස්ට්‍රියාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මධ්‍යම අප්‍රිකාව, චීනය, ඊජිප්තුව, ප්‍රංශය, ඊශ්‍රායලය, මෙක්සිකෝව, ස්වීඩනය, තුර්කිය, අමෙරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය ද ඉතා සුළු වශයෙන් කුංකුම නිෂ්පාදනය කරන රටවල් අතර වේ. එම රටවල වාර්ෂික කුංකුම නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් කිහිපයක් පමණි.









Comments

Popular posts from this blog

Let's find through the star doors..

*Let's find through the star doors.. Those who comment through different social media and youtube channels, they are thinking about star doors and time range, 90 % of the people are living through these topic without any proper reason, so that 16 years are about these topic. I decided to write this article as a person who has been able to write something as a person who has been discovered. This note can also be quite longer due to three big deep topics. I mention here in very short what should be said to give a basic understanding here. In a few before this, I have been talking about the equal universe, weather and time. So here is focus on the star doors. Like Star Doors, time pass and the same world is like the tree of the tree, time and the same world. Can't be separated by each other. There is a relationship between the other. As well as this universe, there are energy track that we have fallen around earth. These are the places where we meet each other in the uni

Sri Lankan tooth ravana

The work of "Sri Lankan tooth ravana has started in the work of" Sri Lanka. Let's find out our correct local history in the middle of threat, let's start to do our needs before we give it to the future generation. We all have the purpose of home, we should have the religion to see peace, there should be a country to have a country. There should be a country to be a country. Isn't it? The country should be a Sri Lankan country, isn't it?

සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඔබ මෙය අසා තිබුණට මෙයට අදාල කථාව දැනගෙන සිටියේ නෑ නේද එහෙනම් මෙන්න කථාව ~සත්‍යහි සටහන බුද්ධියේ විමසුමට~ සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා යැයි කීවේ සිංහල ප්‍රතිරෝධි බටහිර ආක්‍රමිණිකයන්‍ය. නමුත් කිසිදින සිංහලයා මෝඩකමට කැවුම් කෑවේ නැත ආක්‍රමණික යුධයක පවා අවි ආයුධවලට අමතරව කැවුම් මල්ලක් රැගෙන ගියේය.ඒ සිංහලයාගේ බුද්ධිමත්කමට මිස මෝඩකමට නොවේ. දරුණු සටනකදි ඇතිවන ආහාර හිගයට කැවුම් මල්ල බොහෝ ප්‍රයොජනවත් විය . දින කිහිපයක් නිරාහාරව සිට ශක්තිය හීන වූ කෙනෙකුට කැවුමකින් ලැබෙන ශක්තිය අති මහත්ය .එසේම යුද්දයකදි ඇති වන තුවාලවලදී කැවුම් තබා එම තුවාල ක්ශණිකව එම තුවාලය සුව කරගැනීමට හැකිබව සිංහලයා මනාව දැන සිටියේ ය.  දින කිහිපයක් ගත වූ කැවුම් ගෙඩියකට ඕනෑම තුවාලයක් සුව කිරීමේ දිව්‍යමය හැකියාවක් ඇත. සිරිපා කරුණාවේදි පවා රිටක ගැට ගැසූ කැවුම් මල්ලක් රැගෙන යාම සිංහලයාගේ සිරිත විය . නමුදු එය මෝඩකමට නොවේ.කඳු තරණයේදී අද මෙන් මාර්ග පහසුකම් නොතිබු හෙයින් අධික දුෂ්කර මාර්ග වලින් කඳු තරණය කිරීමේදි අවශ්‍ය තරම් ආහාර රැගෙන යාම පහසු නොවේ . පිසූ ආහාර රැගෙන ගියද ඒවා ඉතා ඉක්මනින් නරක් වේ. කැවුම්