එදා කපිලවස්තුපුරය - කිඹුල්වත්පුරය පිහිටි ස්ථානය අද වන විට දිඹුලාගල ලෙසින් හඳුන්වන තැනයි
......ජන්බුද්වීපයේදී බුද්ධත්වයට පත් වූ සිදුහත් ගෝතම බෝසත් කුමාරයා උපත ලැබුයේ මහා මායාදේවිය කුසින් මෙම දේව හෙළයේම ප්‍රාදේශීය රජ කෙනෙකු ලෙසින් එදා ප්‍රසිද්ධියට පත්ව සිටි සුද්ධෝදන රජතුමාට දාවය. හෙළබිම දේව හෙළයේ කිඹුල්වත්පුරය නමින් එදා ප්‍රසිද්ධව තිබු, අද දිඹුලාගල නමින් ප්‍රසිද්ධව ඇති මහවැලි ගඟින් දකුණේ පිහිටා තිබු නගරයක ශාක්‍ය වංශික රජ පරපුර එදා රජකම් කරන ලදී.........
.......බෝසත්තුමා - ගොතම සිද්ධාර්ථ කුමාරයා උපන්නේ ශාක්‍ය රට කපිලවස්තු පුරයේය. මේ කිඹුල්වත්පුර ලෙසින් ද ත්‍රිපිටකයේත් මහාවංශයේත් සඳහන් වෙයි. ශාක්‍ය පරපුර හා එහි ඉතිහාසය පිළිබඳ මහාවංශය දිගු විස්තරයක් ඉදිරිපත් කරයි ඔක්කාක රජ පරපුරෙන් පැවතගෙන එන මේ සාක්‍ය රජ දරුවන් සුද්ධෝදන රජු දක්වාම ඉතිහාසය ලියා ඇත. සුද්ධෝදන රජුගේ සොහොයුරිය වූ "අමිතා" කුරු රට රජ කළ "සමන" රජු සමඟ විවාහ වූ බවත් එහිම සඳහන් කරයි. මහාවංශය හා දීපවංශය යන පාලි පරිවර්තන දෙකෙහිම මේ කරුණු ඉතාමත් පැහැදිලිව සටහන් කර ඇත. මහාවංශයේ හා දීපවංශයේ එන සියලු ඓතිහාසික නම්, ගම්, රටවල්, ස්ථාන, පුද්ගලයින් මෙන්ම රජ පරපුරවල් ද මේ රටේම සිවුහෙළයේම - ස්ථාන හා පුද්ගලයින් මිස වෙනත් රටක ඉතිහාසයක් ලියා තැබුවේ නැත. නමුත් මහාවංශය පරිවර්තනය කළ ඉන්දීය ජාතිකයින් මේ සියලු නම්, ගම්, ස්ථාන මේ සිව්හෙළයෙන් බැහැරව භාවිතා කළ දේ බව පෙන්වන්නට ඇත. පාලි මහාවංශය ඉංග්‍රීසියට පරිවර්තනය කළ සුදු ජාතිකයින් ද මේ වරද යළි යළිත් කරමින් ඉතිහාසය විකෘති කළහ. එදා කිඹුල්වත්පුරය-කපිලවස්තුපුරය පිහිටියේ දේවහෙළයේය. ජන්බුද්දීපය යනු දේවහෙළයට භාවිතා කළ තවත් නමකි. බුදුන් ජන්මය ලබන දීපය යන අර්ථයෙන් ජන්බුද්දීපය යැයි නම් කළහ. සියලු බුදුවරුන් උපත ලබන්නේත් බුද්ධ ධර්මය ජීවමානව පවතින්නේත් ජම්බුද්දීපයේය. එදා කපිලවස්තුපුරය-කිඹුල්වත්පුරය පිහිටි ස්ථානය අද වන විට දිඹුලාගල ලෙසින් හඳුන්වන තැනයි. මාදුරු ඔය, වැලිකන්ද, සේරුවාවිල, සෝමාවතිය සිට වාකරෙයි දක්වා නැගෙනහිර මහමුහුද තෙක් ද මහවැලි ගඟ දිගේ මහියංගනය දක්වා ද විශාල ප්‍රදේශයක් එදා ශාක්‍ය රාජධානියට අයත් විය. මහවැලි ගඟෙන් උතුරේ පිහිටියේ කෝසල රාජ්‍යයයි.එය දේවහෙළයටම අයත් රාජධානියකි. එහි අගනුවර වූයේ සැවැත්නුවරයි. අද රිටිගලට නැගෙනහිර ප්‍රදේශයේ කන්තලේ දක්වාම ප්‍රදේශය තුළ මේ විශාල නගරය එදා පිහිටා තිබුණි. සැවැත්නුවර හරහා විශාල ගංගාවක් එදා ගලාගෙන ගිය අතර අද එය යාන් ඔය, හුරුළු ඔය නමින් හඳුන්වන කෝකිලායි කලපුවෙන් මුහුදට වැටෙන විශාල ගංඟාවකි. මේ ගංඟාව පටන් ගන්නෙ මාතලේ කඳුවැටියෙනි. මෙ ගඟ අසබඩ පිහිටි රමණීය වැලිතලා සහිත බිමක සියලු බුදුවරුන් බුද්ධත්වයට පත්වන ඒ මධ්යමංඩලය පිහිටා තිබෙන බව බුද්ධත්වය අරිය පරියේසන සූත්‍රයෙන් ද පෙන්වා දෙයි. අද තවමත් මේ ගඟ ගලා ගියත්, එදා මහා පරාක්‍රමබාහු රජතුමා මේ ගඟ හරවා ඇලහැර යන තැනින් එහි ජලය පොලොන්නරුවට හරවා යැවූ පසුව මේ විශාල ගංඟාව අද තිබෙන තත්ත්වයේ කුඩා ගඟක් විය.
බෝසත්තුමා බුද්ධත්වයට පත්වීම හා ඒ සම්බන්ධ සියළු සිද්ධීන් මහාවංශයේත් ත්‍රිපිටකයේත් සඳහන් වේ. පාතරාසී සූත්රයේත්, අරියපරියේෂණ සූත්‍රයේ හා තවත් බොහෝ තැන්වලත් නම් ගම් සහිතව මේ බව සඳහන් කර ඇත. මේ සියල්ලම එදා මේ හෙළ බිමේ පිහිටි ස්ථානයන්ය. මෙවන් ස්ථාන අද වනවිට වෙන වෙන නම් වලින් හඳුන්වන්නේ කාලයාගේ විපරිනාමය අනුව නම් ගම් ද වෙනස්වීමෙනි. මේ කිසිවක් ඉන්දියාවට සම්බන්ධ තැන් හෝ දේවල් නොවේ. ඒ සියල්ලම ලංකාවේ දී හෙළබිමේදී ලියූ අතීත පොත්පත්වල, කඩඉම් පොත්වල, වංශකථාවල පමණක්ම සඳහන් වෙයි.......
~ බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන, අවසරයි ගුරු මහා කච්චායන, මහා කොට්ඨිත, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ විසින් රචිත හෙළ අට්ඨකථා ~
Comments
Post a Comment
This is an attempt to recover history King Rawana History Sri Lanka