රිටිගල කන්දට වැඩම කරන්නේ
එතන ඉදන් රට දිවැස් බලන්නේ
අනුරපුරේ නුවරටයි වඩින්නේ
ගල්විද ගමයට පණිවිඩ යවන්නේ
ගල්විද ගමයා ගෙන්වා ගන්නේ
මුලා නොකර ඒ වැඩ කරවන්නේ
කිරා බරට රත්රන් ගෙන දෙමිනේ
ඒ සැටියෙන් ඒබිම අතුරාගන්නේ
ඒ විට සමනෝ ගෙන්වා ගන්නේ
බොළු පව් හරිමින් නැකැත් බලන්නේ
මුලු දඹදිව සෙනගත් එහි එන්නේ
යව්ල්ද කලුගල් කටු අරගන්නේ
නොයෙක් අවිද කැති අරගන්නේ
සත් දවසක් ඒ බිම බිඳිමින්නේ
සත් පායක් කෙරුමට අණදෙන්නේ
ඇමති එවිට කාරිය කරවන්නේ
Comments
Post a Comment
This is an attempt to recover history King Rawana History Sri Lanka