ගෝතම බුදුපියාණන් වහන්සේ උතුම් බුද්ධ ධර්මය දේශනා කලේ ඉන්දියාවේදී යැයි යමෙකු ප්‍රකාශ කරන්නේ නම් එදා ඉන්දියාවේ ජීවත් වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් ගැන හෝ මේවා වන පොත් කරගෙන, කටපාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට, රැකගෙන ආ පිරිසක් ගැන හෝ සඳහන් විය යුතුය. නමුත් ඉන්දියාවේ එවැනි ඉතිහාසයක් පැවති බව හෝ කිසිම කෙනෙකු හෝ කිසිම භික්ෂුවක් හෝ මෙවන් ධර්මයක් ගැන හෝ දැන සිටිබවක් පිළිබඳව එවකට අසාවත් නොතිබිණි. විශේෂයෙන්ම සඳහන් කළයුතු කාරණය වන්නේ, අශෝක රාජ යුගයට පෙර භාරතයේ කාවේරි නදියෙන් එහා උතුරේ, එනම්, උතුරු ඉන්දියාවේ විසූ කිසිම බෞද්ධ භික්ෂුවක් ගැන හෝ මඟඵල ලැබූ කෙනෙක් ගැන හෝ කිසි තැනක සඳහන් නොවීමය. අශෝක රජතුමාටත් පළමු වරටම බෞද්ධ භික්ෂුවකගේ දර්ශනය දැකගන්නට ලැබුණේ කාලිංග යුද්ධයෙන් පසුව කාවේරි නදියෙන් දකුණු ඉන්දිය ප්‍රදේශයේදීය. හෙළබිමේදී දහම් ඉගෙනගෙන මඟඵල ලැබු බෞද්ධ භික්ෂුන් වහන්සේලා අශෝක යුගය වන විට (කාවේරි නදියෙන් මෙපිට) දකුණු ඉන්දියාවේ නම් විසූහ. ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සියලුම බුදුවරයින් වහන්සේලා උපත ලැබූ, බුද්ධත්වයට පත් වූ, මේ හෙළබිමේ සත්‍යයම වූ ඉතිහාස කථාව පෘථග්ජන ඉතිහාසඥයෙකුට, විද්‍යාඥයෙකුට, පුරාවිද්‍යාඥයෙකුට හෝ වෙනත් පෘථග්ජන පැවිද්දෙකුට හෝ, ඔහුගේ උගත්කම අනුව, දැනුම අනුව, අවබෝධය අනුව අනුමානයෙන් වත් සිතා ගත නොහැකි තරම් ගාම්භීරය.විශිෂ්ටය. ලොව පහළ වූ සියලුම බුදුවරයින් වහන්සේලාත් අරහතුන් වහන්සේලාත් පසේ බුදුවරයින් වහන්සේලාත් පමණක් නොව සියලුම චක්‍රවර්තී රජවරුන්ද උපත ලබන්නේත්, ජීවත් වන්නේත් ලෝකයෙන්ම උතුම් රට වූ මේ හෙළ දිවයිනේ දීමය. මේ හෙළබිමේ අතීත ඉතිහාසයෙන් අද වන විට වත්මන් ලෝකයා සොයා දැනගෙන, අසා දැනගෙන ඇත්තේ ඉතාමත්ම සුළු කොටසක් පමණි. ලෝකයාට තවමත් සොයා දැන ගන්නට නොහැකි වූ, කාලයේ වැලිතලාවෙන් යටපත් වූ, මේ හෙලබිමේ ශ්‍රී විභූතිය වචනයෙන් කියා, පොතක පතක ලියා නිම කළ නොහැකි තරම් විශ්මිත එකකි. දීපංකර බුද්ධ කාලය තෙක්ම අතීතයට දිව යන්නකි.........
පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලංකාර මහතෙරුණ් වහන්සේ
Comments
Post a Comment
This is an attempt to recover history King Rawana History Sri Lanka